කිසිදු රාජ්‍ය ආයතනයක මගේ රුව එපා! මගේ නිල රාජ්‍ය ලාංඡනය භාවිත කරන්න! – බෝපත් සතරකින් වටකළ ජනපති ගෝඨාභයගේ රටට දුන් නව රාජ්‍ය ලාංඡනය මෙන්න!

November 18, 2019 at 10:27 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ  7 වෙනි විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන අද (18) එතුමාගේ නිල රාජ්‍ය ලාංඡනයක් නිකුත් කර තිබේ.

මෙතැන් සිට කිසිදු රාජ්‍ය ආයතනයක සිය රූපය භාවිත නොකරන ලෙසත් ඒ වෙනුවට සිය නිල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙසත් එතුමා දැනුම් දී තිබේ.

පුද්ගල ප්‍රතිරූප ඉස්මතු කරන ගතානුගතික දේශපාලන සම්ප්‍රදාය වෙනස් කරමින් නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළේ නව අංගයක් ලෙස මෙය හැඳින්වේ.

එහි සිව් කොන රැඳි බෝපත් සතරින් බුදු දහම සහ ඉන් ජාතියට ලැබී ඇති ආභාෂය නිරූපනය වෙයි. එසේම උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා, කල්‍යාණ සම්පදා සහ සම ජීවිතා යන සතුටින් සිටීමට අවශ්‍ය කරුණු සතර නිරූපනය වෙයි.

සිව් කොන රැඳි නාමල් සතරින් ජාත්‍යන්තර සබඳතා සහ ලොව සිව් දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරය නිරූපනය වෙයි. නාමලේ තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාව කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාව ද නිරූපනය වේ.

එකිනෙක අභිමුව වී කරල් සතරින් සහඒ අතර ඇති කුරහන් මල් සතර සහිත රාමුවෙන් සශ්‍රීකත්වය නිරූපනය වෙයි.

කොඩියේ තද දුඹුරු කුරහන් පැහැයෙන් ගෝඨාභය රාජපක්ෂ පැවත එන ජනමූල කෘෂිකාර්මික පදනම සංකේතවත් වෙයි.

සතර අතින් ඇති සමාන පළලකින් යුතු සුදු පටිය මගින් සියලු දිශාවලින් සලසන ආරක්ෂාව සංකේතවත් වෙයි.

එක සමාන පළලකින් යුතු කහ පටිය මගින් කොඩියේ නිරූපිත සියල්ල එකට බැඳී පවතින බව මෙන්ම ජාතීන් අතර එකමුතුව සමගිය සම අවබෝධය සංකේතවත් කරන අතර කහ පැහැයෙන් සැම තුළ පවතින ජීව ගුණය සංකේතවත් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *