දේශය බලගන්වන වියත්මග සමුළුව අද! උදෑසන සමුළු 04ක්! හවස මහ සමුළුව!

September 8, 2019 at 10:18 am | by emanisa.lk

2019 වසරේ (වියත්මග) වාර්ෂික මහා සම්මේලනය අද (08) සවස 4.30ට කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවැත්වෙයි.

මෙහි ප්‍රධානත්වය දරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. වියත්මග වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති ගෝඨාභය රාජපක්ෂ මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

දේශය බලගන්වන සැලැසුම එළිදක්වන මහ සමුළුව යන්න මෙවර වියත්මග සමුළුවේ තේමාවය.

මේ අවස්ථාව සඳහා දිවයිනේ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල පිරිස් එක්වනු ඇත.

අද උදෑසන සිට වියත්මග විද්වත් කමිටු 4ක් ඔස්සේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය, අධ්‍යාපනය ආදී නා නා ඉසව් පිළිබඳ විද්වත් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙයි. වියත්මග තරුණ හමුව සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු සුවිශේෂ පිරිසක් එක්වීමට නියමිතය.

මෙහිදී ඉදිරිපත් වන අදහස් නව යෝජනා සැලසුම් සවස ප්‍රධාන සමුළුවේ දී ද සංවාදයට භාජනය කිරීමට නියමිතය. එම අදහස් යෝජනා අනාගත ආණ්ඩුවේ රට නඟන සැලසුම සැකසීමට මාර්ගෝපදේශකත්වය සපයනු ඇත.

නිදහසින් පසු රටේ අනාගත ගමන්මග තීරණය කිරීම සඳහා රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් ව්‍යාපාරිකයන් දහස් ගණනක් එකට ඒකරාශී වූ ඓතිහාසික අවස්ථාව මෙය බව විචාරකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස