අපට එජාපයට යන්න බැරි රනිල් නිසයි! සජිත් ආවොත් ඒ වෙලාවට බලාගමු! ඉදිරියේදී බොහෝ දේ වෙන්න පුළුවන්!- ශ්‍රීලනිපය

September 19, 2019 at 11:52 am | by emanisa.lk

රනිල් ඉන්නකම් අපිට එක්සත් ජාතික පක්ෂය සමග එකට යන්න බෑ. අපි කිසිසේත් එක්සත් ජාතික පක්ෂය සමග එකට ඉන්නේ නෑ. අපි ගෙනියන්නේ එජාප විරෝධී වැඩපිළිවෙළක්. ඒ නිසා ඉදිරියට බොහෝ දේ සිදුවිය හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මාතරදී පැවසීය.

මාතර හෝටලයකදී පසුගිය 17 වැනිදා සවස පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේදී දයාසිරි ජයසේකර එලෙස පැවසීය.

සජිත් ප්‍රේමදාස යම් හෙයකින් වෙනම ජනාධිපතිවරණයට ආවොත් ඔබ සහාය දෙනවාදැයි මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

“අපි ඒ වෙලාවට ඒ ගැන බලමු. ඉදිරියේදී බොහෝ දේ සිදුවෙන්න ඉඩ තිබෙනවා. හැබැයි අපි එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්නේ නෑ. එකතු වී රටට සිදුවූ දේ පෙනෙනවානේ යැයි පැවසීය. ජරාජීර්ණ වූ මඩගොහොරු දේශපාලනයෙන් රට ගොඩගන්නයි අපි ක්‍රියා කරන්නේ. උඩ මැද හා යට එකතු වී ජයගත යුතු වැඩසටහනක තමයි අපි යන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට වඩා කඩන්න බෑ. අපි ගෙනයන්නේ සියලු දෙනා එකතු කරගත් කැම්පේන් එකක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස