තවුහිද් ජමාද් ගැන රජය අපි දැනුම්වත් නොකළ එක ගැන දුකයි! – ඝාතකයන්ගේ පියා සමග සිටින ඡායාරූප නිකුත් වෙද්දී ඇමති බදූර්දීන් කියයි…

April 23, 2019 at 7:59 am | by admin

මෙම ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හිද් ජමාද් සංවිධානය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සංවිධානයක් නොවන බවත් එම සංවිධානය පිළිබඳ තමන් දැනුම්වත් නොකිරීම පිළිබඳ මහත් දුකක් ඇති බවත් අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් පවසයි.

ඊයේ (22) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරයේ මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරිකයකු වන අල්හාජ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහියිම් සමග ඇති සබඳතාව කුමක් දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඇමතිවරයා සඳහන් කළේ කවුරු හෝ වරදක් කර ඇත්නම් දඬුවම් කළ යුතු බවය.

මේ අතර අල්හාජ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහියිම් ඇමතිවරයා සමග සමීපව සිටින ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වී තිබේ. කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා ඔහුගේ පුතුන් වන අතර දෙමටගොඩ නිවසේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේ ඔහුගේ ලොකු පුතාගේ ගැබිනි බිරිඳය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස