පාස්කු ප්‍රහාරයට සති දෙකකට පසු ඇමති බදූර්දීන්ගේ තුර්කි නගර් ගේ වටළයි! සැකකටයුතු කිසිවක් හමු නොවූ බව ආරක්ෂක අංශ කියයි!

May 6, 2019 at 4:23 pm | by admin

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට අයත් මන්නාරම තාරපුරම්හි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක්කළ බව මන්නාරම ආරක්ෂක අංශ පවසයි.

මෙහිදී අමාත්‍යවරයාගේ නිවස ඇතුළු තාරාපුරම්හි තුර්කි නගර් නැමති මුස්ලිම් ගම්මානය පරීක්ෂා කර තිබේ. නිවසේ තිබී සැකකටයුුතු කිසිවක් හමු වී නැත.

සෝදිසි මෙහෙයුම සඳහා යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිටි අතර ඇමතිවරයා දින කිහිපයකට පෙර විදේශගත විය.

පාස්කු ප්‍රහාරය සඳහා රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාගේ සමීපතම ඥාතීන් සම්බන්ධ බව හෙළි වුවද ප්‍රහාරකයන්ට බදූර්දීන් ඇමතිවරයාගේ ඥාතීන් සේවකයන් ආයුධ සමග අත්අඩංගුවට පත්වුවද ඇමතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පවා ආණ්ඩුව කටයුතු කළේ නැත. මෙම නිවස පරීක්ෂා කිරීම සිදුවන්නේ ප්‍රහාරයට සති දෙකකට පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස