මුහුණු වසා ගෙන පාසල් පැමිණි ගුරු පිරිසක් විදුහල්පති රටේ නීතියට අනුව ගෙදර යවයි! ආණ්ඩුකාර අසාද් සාලි රටේ නීතියට කොකා පේනවා එම ගුරු පිරිස මුහුණ වසාගෙන යා හැකි පාසල්වලට මාරු කරයි!

May 8, 2019 at 6:39 pm | by admin

අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ මහ විදුහලේ සේවය කළ මුස්ලිම් ගුරුවරුයන් දස දෙනෙකු නිකාබ පැළඳ ඊයේ (07) සේවයට පැමිණ ඇති අතර විදුහල්පතිවරයා ඔවුන් සියලු දෙනා ආපසු හරවා යවා තිබේ.

ඊට පසු මෙම පිරිස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හමු වී සාකච්ඡා කර ඇති අතර ඔවුන් ගුරු හිඟයක් ඇති වෙනත් පාසල්වලට මාරු කිරීමට තීරණය කර තිබේ.

එහෙත් ආණ්ඩුකාරවරයා මෙම පිරිසට රටේ පොදු නීතියට අවනත වන ලෙස ප්‍රකාශ කර ඇති බවක් වාර්තා නොවන අතර බොහෝ විට මුස්ලිම් විදුහල්පතිවරු සිටින විදුහල්වලට ඔවුන් අනුයුක්ත කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස