විල්පත්තු විරෝධය පිටුපස ඉන්නේ ඇමති පාඨලි! අරුක්කාලු කසල රඳවනයට අප එරෙහි වීම හේතුවයි! – ඇමති බදූර්දීන් හෙළි කරයි… (video)

March 21, 2019 at 6:43 pm | by admin
පුත්තලමේ අරුවක්කාලු කසළ ගැටලුව යටපත් කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.
කොළඹ අල් හික්මා විද්‍යාලයේ ඊයේ(20) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙසද පැවසීය.
“පුත්තලමට කොළඹ කුණු ගෙන එන එකට පුත්තලමේ මිනිස්සු විරුද්ධ වෙන එක සාධාරණයි. අපි කවුරුවත් කැමති නැහැ වෙන කාගෙවත් කුණු ගන්න.”
“මේ කසල ගැටලුව ගැන පුත්තලමේ  ජනතාව කියන්න පුළුවන් හැමෝටම කිව්වා. උත්තරයක් නැතිම තැන තමයි ඔවුන් කොළඹට ඇවිත් උද්ඝෝෂණයක් කළේ.”
“පසුගිය වසරේ (2018) අවසාන මාස කිහිපයේ රටතුළ පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියේදී අපි ගත්තෙ හරි පැත්ත. ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.”
“එදා ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටි අප අද පුත්තලමේ අරුවක්කාලු කසල ගැටලුව වෙලාවෙදිත් පුත්තලමේ අහිංසක ජනතාවගේ පැත්ත ගන්නවා.”
පුත්තලම අරුක්කාලු කසළ රඳවනය රාජපක්ෂ ආණ්ඩුව සමයේ සැලසුම් කළ ව්‍යාපෘතියක් වන අතර එය මේ වන විට ක්‍රියාත්මක වන්නේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක යටතේය.
ඔහු 2017 නොවැම්බර් මස ප්‍රකාශ කළේ කොළඹ කසල සඳහා ලබා දෙන අවසාන විසඳුම මෙය බවත් බොරු සටන් පාඨවලට මුවා වී ඊට එරෙහි නොවන ලෙසත්ය.  මාස 10ක් ඇතුළත කසළ රඳවනය ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
මේ අනුව අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් චෝදනා කරන්නේ අරුක්කාලු කසළ රඳවන ව්‍යාපෘතිය භාර පාඨලි චම්පික රණවක බව පැහැදිලි වෙයි. මෙම විරෝධතාවේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන්නේ පාහියංගල ආනන්ද සාගර හිමිය.
 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *