කොරෝනා වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යාමේ අවදානමක්ඇති බව ලැබෙන තොරතුරු මත පෙනී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක පෙන්වා දෙන්නේ පසුගිය අවසන් දින තුනේදී දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් අලුතින් 10 දෙනෙකු වාර්තාවී ඇති බවයි.
මෙම තත්ත්වය මත දිස්ත්‍රික්කයේ වෛරසය පැතිර යන භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඔහු සිටියි.
හමුවී ඇති ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් හමුදා සාමාජිකයන් බවත් ඔවුන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් සමීපව ඇසුරු කර තිබීම තවත් බරපතළ කාරණයක් බවත් ඔහු පවසයි.
මේ අතර සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට සහ නිවාඩු ගොස් සිටින සියලු නිලධාරීන් නැවත කැඳවීමට මේ වන විට කටයුතු කර තිබේ.