කොරෝනා මඩින තුරු රට තුළ හමුදා පාලනයක් ඇති කළ යුතු බවට යෝජනාවක්!

March 20, 2020 at 11:11 pm | by emanisa.lk

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරන තුරු රට තුළ හමුදා පාලනයක් හෝ ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීම අවශ්‍ය බව හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර පවසයි.

ඒ ආකාරයෙන් හෝ රටේ විනය ඇති කළ යුතු බව තම පෞද්ගලික ප්‍රාර්ථනාවද ඔහු සඳහන් කරයි.

හිටපු ඇමතිවරයා මේ බව සඳහන් කරන්නේ තම සමාජජාල ගිණුමේ සටහනක් තබමිනි.

ජනතාවගේ නොසැලකිලිමත්භාවය නිසා කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම යෝජනාව සිදු  කර ඇත.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස