ශ්‍රී ලංකාව හමුදාවට එරෙහි කිලිං ෆීල්ඩ්හි රඟපෑ ජෝන් ස්නොව්ටත් කොරෝනා!

February 28, 2020 at 10:13 am | by emanisa.lk

ශ්‍රී ලංකා රජයේ හමුදාවන් යුධ අපරාධ සිදුකළ බව පවසමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 සිදුකළ “Sri Lankan Killing Fields” නම් වාර්තා වැඩසටහන ඉදිරිපත් කළ මාධ්‍යවේදී ජෝන් ස්නොව්ට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට වන සැක මතුවී තිබේ.

මේ වන විට ඔහු නිරෝදාන ක්‍රියාවලියකට යටත් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේ ඉරානයේ පැවති මහ මැතිවරණය වාර්තා කිරිම සඳහා ගොස් සිටි ජෝන් ස්නොව් යළි බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ. එසේ පැමිණීමෙන් පසු ඔහු මේ දක්වා සේවයට ගොස් නොමැති බව වාර්තා වෙයි.

තමන්ට දැඩි වෙහෙසක් දැනෙන බවත් ඉරානයේදී තමන් ගමන් කළ ස්ථානවලදී කොරෝනා වෛරසය ව්‍යාප්තවී තිබුණ ද යන්න ගැන අවබෝධයක් නොමැති බවත් යම් හෙයකින් තමන්ට වෛරසය ආසාධනය වී ඇත්නම් ඉන් රටේ අනෙක් ජනතාවට හානියක් සිදුවීම වැළැක්වීමේ අරමුණින් දින 14ක කාලයක් නිවස තුලම නිරෝදාන ක්‍රියාවලියකට යොමු වීමට තීරණය කළ බව ජෝන් ස්නොව් චැනල් 4 ආයතනයට දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස