කොරෝනාවලින් තුන්දෙනෙක් මළා කීවේ ෆේස්බුක් බලලා! ඒක නිවැරදි නොකළ ආණ්ඩුව තමයි වැරදි! – ෆොන්සේකා

March 18, 2020 at 11:16 pm | by emanisa.lk

පසුගිය 16 වෙනිදා මාධ්‍ය හමුවක දී කොරෝනා වසංගතයෙන් තිදෙනෙකු මිය ගොස් බව තමන් සඳහන් කළේ නිල වශයෙන් තහවුරු කරගෙන නොව ෆේස්බුක් පෝස්ටුවක් අනුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එම මාධ්‍ය හමුවට පසු තමා යුද හමුදාපතිවරයා අමතා එහි සත්‍යතාවක් නොමැති බව නිල වශයෙන් තහවුරු කරගත් බවත් එම අසත්‍ය ෆේස්බුක් පෝස්ටුව පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළ බවත් සරත් ෆොන්සේකා අවධාරණය කළේය.

කෙසේ වුවද 16 වෙනිදා වන විට අදාළ ෆේස්බුක් පෝස්ටුව අසත්‍ය එකක් බව තමන්ට වාර්තා වී නොතිබුණු බවත් ඔහු පෙන්වා දුන්නේය.

අද (18) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස