දුම්රිය වර්ජනය අත්හිටුවයි! රියදුරු ගැටලු ගැන ලබන සතියේ සාකච්ඡා!

March 6, 2020 at 6:41 am | by emanisa.lk

අද (06) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය අරගලයක නිරත වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය ඊයේ (05) ප්‍රකාශ කර තිබිණි.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ එහිදී පැවසුවේ දුම්රිය ප‍්‍රමාදයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් ඉලක්ක කර ගනිමින් අමාත්‍ය විමල් වීරවංශ කළ ප‍්‍රකාශයකට විරෝධය පළ කරමින් අදාළ වෘත්තීය සමිති අරගලය සිදුකරන්නට තීරණය කර තිබූ බවය.

කෙසේවෙතත් මේ වන විට එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමටයි තීරණය කර ඇත. ඒ ඊයේ රාත්‍රියේ අගමැති මහින්ද රාජපක්ෂ සමග සිදුකළ සාකච්ඡාවකින් පසුය. එහිදී දුම්රිය රියදුරන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරි සතියේ දිනයක් ලබා දීමට ද අගමැතිවරයා එකඟ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස