ගෝඨා ඉන්න කාලේ කසළවලට කප්පම් දුන්නේ නෑ! ගෝඨා කසළ එක්ක දේශපාලනය කළේ නෑ!-කොළඹ එජාප බල කණු මාධ්‍ය කැඳවා ගෝඨා ගුණ වයයි! කොළඹ එජාප ඡන්ද මල්ලේ පල්ල පුපුරයි! (video)

August 10, 2019 at 10:55 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස සිටිය දී කොළඹ නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා කිසිදු මුදලක් වැය නොවූ බව කොළඹ නගර සභාවේ එක්සත් ජාතික මන්ත්‍රීවරුන් පිරිසක් සඳහන් කළහ.

නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පිරිස කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ තමන්ට විරුද්ධ දේශපාලනන කඳවුරක් නියෝජනය කළද ඔහු කසළවලින් කිසිසේත්ම දේශපාලනය නොකළ බව අකමැත්තෙන් වුවද කීමට සිදුවන බවය.

ඔහුගේ කාලයේ දී සැලසුම් කරන ලද අරුවක්කාලු කසළ බැහැර කිරීමේ අංගනයට කසළ ගෙන යාම සඳහා විධිමත් දුම්රිය ප‍්‍රවාහන ක්‍රම වේදයක් සකසා තිබූ නමුත් දැන් සිදුව ඇත්තේ ලොරි රථ මගින් ගෙනගොස් දැමීම බවත් ඒ සඳහා අධික වියදමක් වැය කිරීමට සිදුව ඇති බවත් මන්ත‍්‍රීවරු කියා සිටියහ.

එමෙන්ම ඒ සඳහා ප්‍රාදේශීය සභා මට්ටමින් කප්පම් ගෙවීමට සිදුව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මෙම කසළ බැහැර කිරීමේ කටයුත්ත සඳහා රුපියල් බිලියන දෙකක පමණ මුදලක් නගර සභා විසින් ගෙවා ඇති බවද ඔවුහු සඳහන් කළහ.

මෙම මන්ත්‍රී පිරිස අනියමින් චෝදනා කරන ලද්දේ වර්තමාන රජයේ මෙගා පොලිස් ඇමති චම්පික රණවකටය.

ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්සත් ජාතික පක්‍ෂ බල කඳවුරක් වන කොළඹ නගර සභාවේ මන්ත‍්‍රීවරුන් විසින් සිදු කරන ලද මෙම අගය කිරීම කොළඹ කේන්ද‍්‍රිය නාගරිකයන්ගේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස