උතුරු දුම්රිය ප්‍රවාහන සේවය විනාශ කරන සැලසුමක්! රාජ්‍ය ඇමතිනියගේ බස් සේවාව ගොඩ දැමීම අරමුණයි!

July 31, 2019 at 8:38 am | by emanisa.lk

උතුරු දුම්රිය මාර්ගයේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා අඩු කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය නියෝග කොට ඇති අතර මෙම තීරණය දුම්රිය මගීන්ගේ දැඩි විරෝධයටත් කම්පාවටත් හේතුවී තිබේ.

මේ නිසා දුම්රියට ගමනාන්තයට ළඟවීමට තවත් පැය කිහිපයක් ගතවන අතර ජනතාවට වඩාත් පහසු ලාභදායි ප්‍රවාහන සේවය ජනතාවට එපා වන තැනට කටයුතු යෙදෙමින් තිබේ.

ප්‍රවාහන අමාත්‍යංශය මෙම තීරණයට හේතු ලෙස දක්වා ඇත්තේ එම මාර්ගයේ අනතුරු බහුල වීමයි. කෙසේ වෙතත් එම හේතු දැක්වීම පිළිගත නොහැක්කේ සැබැවින්ම අනාරක්ෂිත ස්ථාන ඇත්නම් කළ යුතු වන්නේ ඒවාට ආරක්ෂිත ගේට්ටු යෙදීම නිසාවෙනි.

පැයට කිලෝමීටර් 100/120 ක වේගයෙන් ධාවනය කළ හැකි දුම්රිය මාර්ගයක පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ධාවනය කරවීමට උපදෙස් ලබා දීම සැබැවින්ම ගැටලුවකි.

මේ අතර උතුර දකුණ යා කරන ප්‍රධාන බස් ව්‍යාපාරය පවත්වාගෙන යන රාජ්‍ය අමාත්‍යවරියක් මෙම ක්‍රියාවට සම්බන්ධ බවට චෝදනා නැඟෙයි.

උතුරු දුම්රිය සේවය හේතුවෙන් ඇ‍යගේ බස් සේවයේ ආදායම අඩු වූ අතර ඒ හේතුවෙන් ඇයගේ මැදිහත්වීම මත උතුරු දුම්රිය සේවයේ වේගය මෙලෙසින් අඩු කර තිබෙන බව පැවසෙයි.

කෙසේ වෙතත් මෙවැනි තීරණ හේතුවෙන් රටේ පොදු ප්‍රවාහන සේවය විනාශ වී පොදු ජනතාව අපහසුතාවට පත්වීම සිදුවෙයි. එම නිසා දේශපාලන බලපෑම්වලට යට වී උතුරේ දුම්රිය ප්‍රවාහන සේවය විනාශ කිරීමට කටයුතු නොකිරීම බලධාරීන්ගේ වගකීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස