අඩක් නිමකළ මහ මාර්ග අධිවේගී මාර්ගවල වැඩ වහා අවසන් කරන්න! ඒ සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ගන්න! – ජනපති

February 15, 2020 at 4:43 pm | by emanisa.lk

මෙරට මාර්ග සහ මහා මාර්ග ඉදිකිරීමට දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය යොදා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රවාහන බලධාරීන්ට දැනුම් දෙයි.

අඩක් නිමකළ මාර්ග සහ පාළම් කඩිනමින් ඉදිකර අවසන් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ගාලු පාර, කඩුවෙල, හයිලෙවල් පාර සහ පිළියන්දල මාර්ගවල පෙරවරුවේ සහ පස්වරුවේ පවතින මාර්ග තදබදයට විසඳුම් ද එහි දී සාකච්ඡා විය.

ගාල්ල මාර්ගයේ පවතින වාහන තදබදයට විසඳුම් ලෙස මුහුදුබඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු කළේය.

එසේම කොළඹට පිවිසෙන මාර්ගවල වාහන ගාල් කිරීම සඳහා විධිමත් රථ ගාල් ඇති කිරීමට ද 20ක් පමණ කාර්වලින් කොළඹට පැමිණෙන අය වෙනුවෙන් හොඳ මට්ටමේ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද ජනාධිපතිවරයා යෝජනා කළේය. කොළඹට පැමිණෙන 80%ක් ජනතාව තවමත් බස් සහ දුම්රිය සේවා භාවිත කරන බව ද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස