හලාවතින් කොරෝනා ආසාදිතයෙක්! පිරිසක් එක්ක වන්දනාවෙත් ගිහින්!

October 8, 2020 at 6:03 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හඳුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත, අඹකඳවිල ගම්මානයෙන් අද (08) වැනිදා දහවල් හමු වී තිබේ. හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 06 වෙනිදා ඔහු රෝහලට පැමිණ ඇත. එම අවස්ථාවේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රථිපල අද ලැබි ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වී ඇත.

ඒ අනුව නිවසේ රැඳී සිටි එම පුද්ගලයා වහා ම ගිලන් රථයකින් හලාවත මහා රෝහලට ගෙනවිත් ප්‍රතිකාර සදහා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර ඇත.

මෙම ආසාධිතයාගේ සමීපතයින් සොයා සෞඛ්‍ය නිලධාරීන් අද දහවල් සිට අඹකඳවිල සහ අවට මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම ආසාධිතයා ප්‍රදේශයේ දේවස්ථානයක සමීපතයෙකු ලෙසට හඳුනා ගෙන ඇත.

ඒ අනුව එම දේවාස්ථානයේ පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු පවුල් 05 ක පිරිස් මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

ආසාධිතයා ඇතුළු පිරිසක් පසුගිය සතියේ විනෝද චාරිකාවක් ගොස් ඇති අතර එම චාරිකාවට එක්ව ඇති පිරිස සම්බන්ධයෙන්ද සෞඛ්‍ය නිලධාරීන්ගේ අවදානය යොමු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස