දිවුලපිටියට සහ මිනුවන්ගොඩට ඇඳිරි නීතිය! ගම් 08ක් Lockdown!

October 4, 2020 at 10:51 am | by emanisa.lk

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාවක් හඳුනා ගැනීමත් සමග එම පියවර ගෙන තිබේ.

මේ අතර ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා ඇත.

බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙලෙස සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස