මුතුරාජවෙල පරිසර සංහාරයට වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුත් සම්බන්ධයි! – ජනපති

August 5, 2019 at 4:34 pm | by emanisa.lk

මුතුරාජවෙල පරිසර පද්ධතිය විනාශ කිරීමට වත්මන් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන්ගේ ද සම්බන්ධතා තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති, රට වෙනුවෙන් එකට සිටිමු, ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම දැවැන්ත පරිසර විනාශය වළක්වාගත යුතු බවය.

වර්තමාන ආණ්ඩුවේ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස