මීගමුවේ ඇඳිරි නීතිය අවසන්!

May 6, 2019 at 7:40 am | by admin

මීගමුව පොලිස් කොට්ඨාශයට ඊයේ රාත්‍රී පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (06) පෙරවරු 07.00න් ඉවත් කෙරිණි.

මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදූව, දුංගල්පිටිය සහ කටාන යන පොලිස් වසම්වලට ඊයේ (05) රාත්‍රී පොලිස් ඇඳිරි නීතිය පැනවූයේය.

මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවීමට හේතු විය. මෙම තත්ත්වය ආරක්ෂක අංශ මැදිහත්වී වහා මැඩපැවැත්වීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස