හන්දි ගානේ කෑ ගහලා ජනාධිපති අපේක්ෂකයෝ තෝරන්න බෑ! – සජිත් නවීන් දේශපාලන විවාහයට තිත තබමින් නවීන් කියයි…

August 28, 2019 at 12:32 pm | by emanisa.lk

හන්දි ගානෙ රැස් වී කෑකෝ ගසා ජනාධිපති අපේක්ෂකයන් තේරීම එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය නොවන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක පවසයි. ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පක්ෂය සතුව ඇති බවත්, එම ක්‍රමවේදය අනුව කටයුතු කළයුතු බවත් දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන්ගේ බහුතර කැමැත්ත මත සිදුවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. දැනට නම් තුනක් යෝජනා වී ඇති බැවින් බහුතරයේ කැමැත්ත දිනා ගන්නා පුද්ගලයා ඉදිරියේදී තෝරාගනු ඇති බවත් ඔහු පවසයි.

යෝජනා වී ඇති පුද්ගලයන් තිදෙනාගෙන් ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිවරණය ජය ගැනීමේ හැකියාව ඇති බැවින් කිසිවෙකුත් කලබල වියයුතු නැති බවත් සුදුසු අවස්ථාවේදී සුදුසු පුද්ගලයා ජනතාව ඉදිරියට ගෙන ඒමට පක්ෂය කටයුතු කරන බවත් නවීන් දිසානායක සඳහන් කරයි.

මෙයට දින කිහිපයකට පෙර ඇමති සජිත් ප්‍රේමදාස සඳහන් කළේ තමා නවීන් සමග දේශපාලනික වශයෙන් විවාහ වී අවසන් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස