සේවකයන් 35000ක් සේවය කරන කටුනායක කැළඹෙයි! NEXT ඇඟළුම් කම්හලේ 11කට කොරෝනා!

October 10, 2020 at 11:06 pm | by emanisa.lk

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි නෙස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසනවා.

මිට පෙර එම ඇගළුම් කම්හලේ සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවීමත් සමග එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සියලුම සේවකයින් PCR පරීක්ෂණවලට ලක් කිරීමට කටයුතු කර ඇති අතර එම වාර්තා අද සවස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට ලැබී තිබිණි.

එම ප්‍රතිඵලවලට අනුව මෙම ඇඟළුම් කම්හලේ සේවිකාවන් 02 දෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙසේ කොරෝනා රෝගය ආසාදනය වූ සේවක පිරිස වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහලගත කිරීමට මේ වන විට කටුනායක සෞඛ්‍ය බලධාරීහු පියවර ගනිමින් සිටිති.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවල 35000කට අධික පිරිසක් සේවය කරන අතර මෙම තත්ත්වය සමග සේවක පිරිස් අතර යම් කැළඹීමක් මතුව ඇතැයි දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස