සජිත්ට ජාතික ආරක්ෂාව ගැන කිසි අවබෝධයක් නෑ! ඒ නිසා සජිත්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති මං! – සරත් ෆොන්සේකා

September 30, 2019 at 8:54 am | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට කොන්දේසි ගණනාවකට එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, බලය බෙදීම, අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ පත් කිරීම සහ සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ධුරයට පත් කිරීම ඒ අතර වන බව ඔහු පවසයි.

ජනාධිපති අපේක්ෂකයකු ලෙස කොන්දේසිවලට යටත් වූ විට අපහසුවක් දැනෙන නිසා ඔහු කිසිම කොන්දේසියකට යටත් නොවූ බව රටට කියන බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඇමති සජිත් ප්‍රේමදාසට ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු දැනුමක් නැති බවත් ගෝඨාභය රාජපක්ෂගේ යමක් රට බලාපොරොත්තු වන්නේ නම් එයත් තම පාර්ශවයට ඉටුකළ හැකි බව රටට පෙන්වීම සඳහා කටයුතු කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

එහෙයින් ඉදිරි ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා සරත් ෆොන්සේකා බව රටට කිව යුතු බව රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට පැවසූ බවත් ඔහු හෙළි කළේය. කෙසේ වුවද ඒ සඳහා ඇතැම් ඇමතිවරු විරුද්ධ වී ඇති බව ද ඔහු වැඩි දුරටත් අනාවරණය කළේය.

දෙරණ රූපවාහිනියේ මොකද වුණේ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස