සිරිකොත සහ අරලිය මැදුර සජිත්ට තහනම්! නව කාර්යාලය වොක්ෂෝල් වීදියේ!

October 2, 2019 at 4:37 pm | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානය සහ අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය තහනම් කලාපයක් බවට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස කැඳවන සියලු මාධ්‍ය සාකච්ඡා පාහේ මේ වන විට ඇමති මංගල සමරවීරගේ නිල නිවසේ පැවැත්වෙන අතර පසුගියදා වොක්ෂෝල් වීදියේ නව කාර්යාලයක් ආරම්භ කිරීමට ද කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අවස්ථාවක පක්ෂ මූලස්ථානය මෙන්ම අරලියගහ මන්දිරය ද මැතිවරණ කටයුතු සඳහා වසා දැමීම පක්ෂයේ රනිල්-සජිත් පාර්ශව අතර බෙදුම් රේඛාව මනාව සලකුණු කරන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

එක්සත් ජාතික පක්ෂයේ නොවන චතුර සේනාරත්නගේ විවාහ මංගල්‍ය සඳහා පවා ලබා දුන් අරලියගහ මන්දිරය පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවේ තහනම් කලාපයක් බවට පත්වීම දෛවයේ සරදමක් යැයි ඔවුහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස