සජිත්ට යන එන මං නැති වන ලකුණු! රනිල් කියන තරුණ නායකයා අකිල! කරූ අල්ලන්න නවීන්ටත් ලොකු තනතුරක්

December 18, 2019 at 1:11 pm | by emanisa.lk

එජාප නායක රනිල්වික්‍රමසිංහ ඊයේ (17) සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ දිගින් දිගටම තමන්ට පක්ෂ නායකත්වයේ සිටීමේ අරමුණක් නොමැති බවය. එහෙයින් නව තරුණ නායකයකුට අවස්ථාව ලබා දීම සඳහා අවස්ථාව උදාකර දීමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මෙම පසුබිමත් සමග එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ රනිල් වික්‍රමසිංහ ඉඟියෙන් ප්‍රකාශ කරන නායකයා අකිල විරාජ් හෝ නවීන් දිසානායක විය හැකි බවය.

අකිල විරාජ් අදාළ සුදුස්සා බවට පත්වුව හොත් නවීන් දිසානායක පක්ෂ මහලේකම් වනු ඇති බවත්, එසේ නොවී නවීන් දිසානායක අදාළ සුදුස්සා වුවහොත් අකිල මහලේකම් ධුරයේ දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත කරු ජයසූරිය මහතාටද විශේෂ භූමිකාවක් හිමි වීමට නියමිත බවද දැනගන්නට ලැබේ. සිය බෑනා වන නවීන් දිසානායකට ඉහළ තනතුරක් ලැබෙන විසඳුමක් සඳහා කරූ ජයසූරිය එකඟ කරගැනීම අපහසු නැති බව රනිල් පාර්ශවයේ මතය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස