පියසේන ගමගේට එජාපයේ හිනිදුම අසුන!

August 20, 2019 at 5:15 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක වශයෙන් හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ පත්කර ඇත.

වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වශයෙන් ඔහු කටයුුතු කර තිබිණි.

පියසේන ගමගේ 2015 මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැද පරාජයට පත්වූ අතර ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා ගීතා කුමාරසිංහට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීමත් සමග පියසේන ගමගේට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමි විය.

මෙතෙක් හිනිදුම එජාප සංවිධායක ලෙස කටයුතු කළේ සුනිල් සේනානායකය. මෙවැනි සංවිධායක මාරුවකකට සූදානමක් නැතැයි එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පසුගියදා ප්‍රකාශ කළ අතර එජාප පළාත් පාලන නියෝජිතයන් හිනිදුම ආසන සංවිධායක ධුරය වෙනස් කරන්නේ නම් ඒ සඳහා මනූෂ නානායක්කාර පත් කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *