ජනපති නතර කළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්!

February 12, 2019 at 10:47 am | by admin

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1AB, කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළ වී ඇත.

නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද මහතා ද එකඟතාව පළ කර තිබේ.

ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පිළිබඳ සමස්ත සැලසුම සහ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය විරාජ් කාරියවසම් මහතා විසින් මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය සඳහා ජනාධිපතිවරයා මීට පෙර විරෝධය දැක්වීම නිසා හකුළා ගැනීමට සිදුවිය. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම ප්‍රයෝජනවත්ද? සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම වෙනුවට නවීන පන්ති කාමර සකස් කිරිම නුදුසුසුද? ටෙන්ඩර් අවුල සහ රජයේ අරමුදල් ටැබ් පරිගණක මිලදී ගැනීමට වඩා අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් වැය කිරිමට තිබිම යන කාරණා ජනාධිපතිවරයා විසින් එහිදී මතු කරන ලදැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *