එජාප ආණ්ඩුව පසුගිය වසර 5ක් තිස්සේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයනේ මේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට උත්සාහ කළ බව මයන්ත දිසානාක පවසයි. එසේම එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම ලෙහෙසි නැතැයි ද හෙතෙම අවධාරණය කරයි.
එජාපයේ අඩුපාඩු බොහෝ ඇතැයි ද ගාමිණිගේ මනුෂ්‍යත්වය ද ප්‍රේමදාසගේ කාර්යශූරත්වය ද ලලිත්ගේ බුද්ධිමය ගතිගුණ ද පක්ෂයෙන් ගිළිහී ඇතැයි එම ගුණය නැවත පක්ෂයට ගැබ් කළ යුතු යැයි ද ඇමති නවීන් දිසානායක සඳහන් කළේය. මෙවර ජනාධිපතිවරණ කවුරු ජයග්‍රහණය කරනු ඇද්දැයි තමන්ට කිව නොහැකි බව ද එජාප ජාතික සංවිධායක ප්‍රකාශ කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) කොළඹ පැවති ගාමිණී දිසානායක 25 වෙනි ගුණ සමරුවට එකතු වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.