පොහොට්ටුවේ ජනපති අපේක්ෂක චමල්! ආණ්ඩුවේ මයන්තත් සුබ පතයි!

June 16, 2019 at 8:20 am | by emanisa.lk

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට අනාවරණය වී ඇති චමල් රාජපක්ෂ මහතාට රට වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව සුබපතන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පවසයි.

දොඩම්වල දියකෙලිනාවල කිත්සිරි මෙවන් රජමහා විහාරස්ථානයේ 21 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිශ්ඨාපනය හා නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට එක්වෙමින් අනුශාසනාවක් සිදුකළ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි සඳහන් කළේ මයන්ත දිසානායකට ද ප්‍රතිපාර්ශවයට පැමිණ රට වෙනුවෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස