එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දුනහොත් තමා ඇතුළු 8 දෙනෙකු එජාපයෙන් ඉවත් වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමු වූ එජාප උප නායක ඇමති රවී කරුණානායක පවසා තිබේ.
කෙසේ වුවද විපක්ෂ නායකවරයා මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නොමැති බව ද අදාළ පුවත වාර්තා කළ සිරස රූපවාහිනිය පවසයි.
සිරස රූපවාහිනි හිමිකරු ව්‍යාපාරික මහාරාජා ඇමති සජිත්ගේ ඉතාම සමීප ආධාරකරුවකු සහ හිතවතකු ලෙස හැඳින්වෙයි.