සජිත්ගේ සන්ධානය හබක් වන ලකුණු! UNP නාමය අවභාවිතයට ඉඩ නොදෙනු! – රනිල් පිලෙන් මැකොට ලිපියක්….

February 11, 2020 at 5:49 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස පාර්ශවය විසින් සමගි ජාතික බලවේගය ලියාපදිංචි කිරීමට සූදානම් වන දේශපාලන සන්ධානය ලියාපදිංචි නොකරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය අද (11) මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවා තිබේ.

සමගි ජාතික බලවේගය නම් සන්ධානය ඉංගිරිසියෙන් United National Party වන අතර එය කෙටියෙන් UNP වන බවත් එමගින් පෙන්වා දෙයි.

එලෙස UNP යන කෙටි නමට සමාන වන ආකාරයේ කිසිදු දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරවීම හෝ නම් වෙනස් කිරීමක් සිදු නොකරන මෙන් එමගින් ඉල්ලා තිබේ.

කෙසේ ‌වුවද අදාළ සන්ධානය සඳහා දැනටමත් අනුමැතිය ලැබී ඇතැයි වාර්තා පළවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස