ෂාෆි ඇල්ලූ පොලිස් ප්‍රධානීන් පරීක්ෂණවලට බාධා වන නිසා ඊයේ මාරු කළා! ප්‍රදේශයේ ගැටුම් ඇති වන නිසා අද මාරුවීම් අවලංගු කළා! – පොලිස් කොමිසම

August 2, 2019 at 5:45 pm | by emanisa.lk

කුරුණෑගල දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කොට්ඨාස බාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.

මෙම ස්ථාන මාරුවීම්වලින් ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් ඇති වේ යැයි මෙම තීරණය ගෙන තිබේ.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ත්‍රිකුණාමල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මහින්ද දිසානායක කිලිනෝච්චි කොට්ඨාසභාර නිලධාරියා ලෙසත් ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලබා දී තිබු අතර පසුව මේ අයුරින් එය වෙනස් වී තිබේ.

මෙම නිලධාරීන් කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට බාධා ඇති වේ යැයි පවසමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය 27 වැනිදා කළ ඉල්ලීමක් අනුව මෙම ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කර තිබිණි.

අයථා දේපළ උපයා ගැනීමේ චෝදනාව යටතේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් අත්අඩංගුවට ගත්තේ මෙම පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේය. මේ වන විට අදාළ වෛද්‍යවරයා ඇප මත නිදහස් වී සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස