වෛද්‍ය ෂාෆිගේ සිංහල සංහාරය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් නොකළොත් අපි කොමිසමක් පත් කරනවා! – සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

June 18, 2019 at 9:58 am | by emanisa.lk

වෛද්‍ය ෂාෆි ශෙහාබ්ඩීන් සීසර් සැත්කම් කළ පසු දරුවන් නොලැබුණු බවට සහ සංකූලතා ඇති වූ බවට ලැබී ඇති පැමිණිලි පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා නිසි කොමිසමක් පත් නොකරන්නේ නම් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඒ සඳහා කොමිසමක් පත් කර ස්වාධීන විමර්ශනයක් සිදු කරන බව එම සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල පවසයි.

මෙවැනි ජන සංහාරයන් එදා හිට්ලර් කළ බවත් ජාතියක් වනසන මෙවැනි කටයුතු සුළු කොට තැකීම කිසිසේත් නොකළ යුතු බවත් පෙන්වා දුන් සභාපතිවරයා වර්තමාන පරීක්ෂණ පිළිබඳ තම සම්මේලනය කිසිසේත් සෑහීමකට පත් නොවන බව ද ප්‍රකාශ කළේය.

ජනතාව තුළ විශාල බියක් ඇති කර ඇති මෙවැනි කරුණක් පිළිබඳ ඉක්මනින් සොයා බැලීම වැදගත් බවත් ඒ පිළිබඳ දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ මව්වරුන්ට එවැනි අසාධාරණයක් සිදුව තිබේද යන්න සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් කිරීම වැදගත් බව පෙන්වා දුන් සභාපතිවරයා රටේ සිටින ප්‍රසව හා නාරීවේද වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියගෙන් ඉල්ලා සිටිය ද එය මෙතෙක් නොලැබුණු බව ද හෙළි කළේය.

එසේම එක් දරුවකු ලැබී නැවත දරුවකු නොලැබුණු මව්වරුන් සඳහා නළ දරු උපත් ක්‍රමය මගින් දරුවන් ලබා දීමට වෛද්‍ය පිරිසක් දැනටමත් ඉදිරිපත් වී සිටින බව ද පැවසුවේය.

මෙම අවස්ථාවට එම සම්මේලනයේ නියෝජ්‍ය සභාපති හිටපු විශ‍්‍රාමික නි.පො. චන්ද්‍ර නිමල් වාකිස්ට සම ලේකම්වරුන් නන සුනිල් සරත් කුරගම, රංජිත් ඒකනායක, පුෂ්පදේව පතිරණ යන මහත්වරු ද එක්වූහ.

ඊයේ (18) වන විට වෛද්‍ය ෂාෆි ශෙහාබ්ඩීන්ට එරෙහිව පැමිණිලි 1003ක් ලැබී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස