ශ්‍රී ලංකාව දකුණු ආසියා⁣වේ අවම ආර්ථික වර්ධිත රටවල් අතරට!

February 12, 2020 at 8:13 pm | by emanisa.lk

දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලෝක බැංකුවේ නවතම පුරෝකථනයන්ට අනුව 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3% ක් වනු ඇති අතර 2019 වසරේ දී මෙම අගය වාර්තා වූයේ 2.7% ක් වශයෙනි.

මෙම පුරෝකථනයන්ට අනුව බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගන්නා රටවල් බවට හඳුන්වා ඇත. මෙහිදී 7.2% ක ඉහළම ආර්ථික වර්ධන වේගයක් පුරෝකථනය කර ඇත්තේ බංග්ලාදේශයෙනි.

දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනව වන ආර්ථිකය බවට හඳුනාගෙන ඇත්තේ පාකිස්තානයයි. එය 2.4 ක් වේ.

2020 වසරේ දී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 5% ක් ලෙසින් ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුව විසින් 2019 ජූලි මාසයේ දී, 2020 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.5%කින් වර්ධනය වනු ඇති බවට ඇස්තමේන්තු කළ අතර නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය සංචාරය අවසන් කරමින්, 2020 වසරේ දී මෙරට ආර්ථිකය 3.7% කින් වර්ධනය වනු ඇති බවට පුරෝකථනය කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4% ඉක්මවනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස