විදෙස් නැවියන් මගින් කොරෝනා සමාජගත වීමේ අවදානමක්! නැවියන් හුවමාරු සේවාව ජනපති අණින් නවතී!

June 25, 2020 at 5:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව හරහා සිදුකරන නෞකා සඳහා විදේශීය වෙළඳ නැවියන් හුවමාරු කිරිමේ ක්‍රමවේදය වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කර ඇති බව සම කබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

විදේශීය රටවලින් පැමිණෙන මෙම වෙළඳ නැවියන් තමන් රැකියා කරනු ලබන නෞකාවලට මාරුවීම සහ යලි සිය රට බලා යෑමේ හුවමාරු ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් පසුගිය සති කිහිපයේදී වැඩපිළිවලක් දියත්ව තිබිණි.

එලෙස සේවය සඳහා පැමිණෙන විදේශීය නැවියන් රැසකට මෙරටදී සිදුකළ පරීක්ෂණවලදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය සළකා බලා එම හුවමාරු වැඩසටහන අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස