අගමැති රනිල් වික්රමසිංහ වහාම ඉල්ලා අස් වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව පරිපාලනයට ඉඩ දෙන ලෙස ඇමතිවරු කිිහිප දෙනෙක් ඉල්ලා තිබේ.
කෙසේ වුවද අගමැති ධුරයෙන් ඉවත් වන්නේ ද හදිසි මහා මැතිවරණයක් පවත්වන්නේ ද යන්න අගමැතිවරයා මෙතෙක් තීන්දු කර නැත.
කෙසේ වුවද ඔහු ඉල්ලා අස්වුවහොත් අවස්ථා තුනක අගමැති ධුරයට පත්ව කිසිදු අවස්ථාවක සිය ධුර කාලය සම්පූර්ණ නොකළ අගමැතිවරයා ලෙස ඉතිහාස ගතවනු ඇත.