වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව, ඔඞ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ ඉදිරි මාසය තුළ ඒවායේ මුල් අදියරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවය.
වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව, ඔඞ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලා මේ වනවිට වසා දමා තිබේ. මීට අමතරව පරන්තන් කෙමිකල්ස් සමාගම, කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවද යළි ආරම්භ කිරීමට අවධානය යොමුව ඇත.
මේ අතර කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නියැලී සිටින සියලු පාර්ශවවල ගැටලූ හඳුනාගනිමින් ඒවාට කඩිනම් විසඳු ලබාදීම සඳහා සෑම සඳුදා දිනකම උදේ වරුව වෙන් කිරීමට කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.