ශ්‍රී ලංකාවේ පමුඛතම ආර්ථික සමුළුව ඇරඹෙයි! අගමැති සහ මුදල් ඇමතිත් සහභාගී වෙයි!

September 17, 2019 at 12:25 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සමුළුව වන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (SLES) අද (17) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2025 වන විට සංවර්ධනය සහ සමෘද්ධිය කරා ගෙන යාම මෙම දෙදින සමුළුවේ තේමාවය. මේ සඳහා දෙස් විදෙස් ව්‍යාපාරිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විද්වතුන් 450ක් පමණ සහභාගී වෙයි.

මෙම ඉලක්කය සපුරා ගැනීමට පෞද්ගලික අංශයට උනන්දුවෙන් කටයුතු ඇතැයි තමා බලාපොරොත්තු වන සමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

මෙම සමුළුව පවත්වන අවස්ථාව වන විට 2014 පැවති 8%කට ආසන්න ආර්ථික වර්ධනය 3%කට වඩා අඩු වී ඇති අතර 2014 අවසානයේදී රුපියල් බිලියන 7,391ක් වූ රජයේ සමස්ත ණය බර 2018 අවසන් වන විට එය රුපියල් බිලියන 11,859ක් ඉක්මවා 62% කින් වැඩි වී ඇත.

රටට විදෙස් විනිමය ලබා දෙන තෙවන විශාලතම කර්මාන්තය වන සංචාරක ක්ෂේත්‍රය ද පාස්කු ප්‍රහාරය සමග බිඳ වැටී ඇති පසුබිමක අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති මංගල සමරවීර සහ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එම ආර්ථික සමුළුවට මහත් උද්‍යෝගයෙන් සහභාගී වී සිටින අයුරු මෙම ඡායාරූපයෙහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස