වරායේ ලූනු තොග සඟවා මුදලාලි කෝටි ගණන් ගරයි! මාෆියාව පිටුපස අල්ලස් ගන්න රේගු ලොක්කෙක්!

February 24, 2020 at 2:11 pm | by emanisa.lk

රට පුරා ලොකු ලූනු හිඟයක් ඇති වීම සහ ඒ මත පදනම්ව මිල ඉහළ යාම ලූනු ආනයනකරුවකු සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරියකු සම්බන්ධ වී සිදුකරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ආනයනිත ලොකු ලූනු සඳහා රු. 190ක උපරිම සිල්ලර මිලක් නියම කළ ද මේ වන විටත් රට පුරා ලුනු මිල පවතින්නේ ඊට ඉහළිනි. මෙයට මූලිකි හේතුව රටේ ලූනු අස්වනු ප්‍රමාණවත් නොවීම සහ ආනයනිත ලොකු ලූනු වෙළෙඳපොළට නිකුත් වීමේ ප්‍රමාදයයි.

මේ වන විටත් විශාල ලූනු තොගයක් කොළඹ වරාය වෙත ගෙනැවිත් ඇති අතර එම ලූනු තොග වෙළෙඳපොළට නිකුත් කිරීම ඉතාම සෙමිනි.

මෙම ප්‍රමාදයට හේතුව අදාළ ලූනු තොග සමග හෙරොයින් තොගයක් ගෙන්වා ඇති බවට සහ සියලු ලූනු කන්ටේනර් පරික්ෂා කළ යුතු බවට සී. පෙරිම්පනායගම් නම් රේගු අධ්‍යක්ෂවරයකු ලිපියක් නිකුත් කිරීමය.

මේ නිසා වරායේ ඇති ලූනු කන්ටේනර් නිදහස් කරන්නේ ඒවා සියල්ල එකිනෙක විවෘත කර පරික්ෂා කිරීමෙන් පසුය. සාමාන්‍ය තත්ත්වය තුළ කිසියම් සැක සිතෙන කන්ටේනරයක් පමණක් පරික්ෂා කළ ද මේ ආකාරයට සියලු කන්ටේනර් පරික්ෂා කිරීම නිසා ලූනු තොග නිකුත් කිරීමේ දැඩි ප්‍රමාදයක් සිදුවෙයි.

මෙමගින් ශ්‍රී ලංකා පාකිස්ථතාන නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ බදු සහන ලබමින් රටට රැගෙන එන ලූනු තොගවලින් අතිවිශාල ලාභයක් උපයා ගැනීමට එම ව්‍යාපාරිකයාට හැකිව තිබේ. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ අදාළ රේගු අධ්‍යක්ෂවරයාට ලූනු ව්‍යාපාරිකයන් අති විශාල අල්ලසක් ලැබී ඇතැයි රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස