රේගු අධ්‍යක්ෂ පත් කරන එක අපේ වැඩක්! ඒකට විරුද්ධ වෙන්න කාටවත් බෑ!

February 3, 2019 at 5:10 am | by admin

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කර වැඩ බලන රේගු අධ්‍යක්ෂවරයකු පත් කිරීමට එරෙහිව රේගු වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීිමේ වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා රේගුවේ කටයුතු අඩපණ වී රටට බිලියන ගණනක පාඩුවක් සිදුවෙමින් තිබේ. මේ අතර ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ රේගු වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ඊයේ සිදුවිය.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ රේගුව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කළේ කැබිනට් අනුමැතිය සහිතව බවත් ඊට විරුද්ධ වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නොමැති බවත්ය. රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි කාර්යක්ෂම පුද්ගලයන් ආයතන ප්‍රධානීන් ලෙස පත්කිරීමට කැබිනට් මණ්ඩලයට බලය ඇතැයි ද පැවසූ ඇමතිවරයා වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් සමග කටයුතු කරන ලෙස ද වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබේ.

එහෙත් වෘත්තීය සමිති නියෝජිතයන් ඇමතිවරයාගේ යෝජනාවලට හෝ ඉල්ලීම්වලට එකඟ වී නොමැති අතර අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය 5 වන දිනටත් ක්‍රියාත්මක වෙයි. පසුගිය වසර තුනක කාලය තුළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් පස් දෙනෙකු රේගුවේ වැඩ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *