රේගුවේ අකුරට වැඩ රටම අකර්මණ්‍ය කරන ලකුණු! වහාම විසඳුම් නැතොත් පිටකොටුවේ තොග වෙළෙඳන් හර්තාලයට!

February 2, 2019 at 4:55 pm | by admin

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.එස්. චාල්ස් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පා ආරම්භ කළ රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ වන විට දින හතරකි. මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා දිනකට රු. බිලියන 4ක පමණ ආදායමක් රජයට උපයා දුන් රේගුවේ ආදායම මේ වන විට 20-30%ක මට්ටමට වැටී තිබේ.

මේ අතර රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා කොළඹ තොග වෙළෙඳුන් සිය බඩු තොග නිදහස් කර ගැනීමට නොහැකිව මහත් අපහසුතාවකට හසුව තිබේ. මේ නිසා වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති විය හැකි අතර භාණ්ඩ මිල ඉහළ යා හැකිය. එහෙයින් මෙම තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු නොකළහොත් අඟහරුවාදා දින සියලු තොග කඩා වසා දමා හර්තාලයක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමය අනතුරු අඟවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *