මාකඳුරේ මදූෂ් ලක්ෂ්මන් යාපාගේ ගමේ! මදූෂ්ලා වමේ පවුලක්! අපි එක්ක දේශපාලනය කළා!

February 8, 2019 at 6:55 am | by admin

මාකඳුරේ මදූෂ්ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ නම සමග සම්බන්ධ කිරීමට උත්සාහ කරන්නේ ඔවුන් දෙදෙනාම එකම ගමක නිසා යැයි එස්.බී. දිසානායක පවසයි. මදූෂ්ගේ පවුලේ අය වමේ දේශපාලනය කළ පිරිසක් බව ද ඇතැම් විට එකල මදූෂ් ලක්ෂ්මන් සමග දේශපාලනය කරන්නට ඇතැයි ද ඔහු පවසයි.

එහෙත් එකල මදූෂ් දරුණු අපරාධකාරයකු නොවූ බවත් පසුගිය කාලය පුරා කුඩු, රේගුව, සුරාබදු ආදි සියලු තැන්වල කියවෙන්නේ මුදල් ඇමතිවරයාගේ සහ ඔහුගේ කාර්යමණ්ඩලයේ නම් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස