යහපාලන ආණ්ඩුව මං අත්අඩංගුවට ගන්න හැදුවේ මහින්ද ගෝඨා ජිනීවා ගෙන යන්නයි! – අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ

February 19, 2020 at 8:22 am | by emanisa.lk

තමා අත්අඩංගුවට ගෙන කොටි පරාජය කළ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන යාමට යහපාලන ආණ්ඩුව සූදානම් වූ බවට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (18) පැවැසීය.

එසේම යහපාලන රජයට අවශ්‍ය වී තිබුණේ ජිනීවා යෝජනාවලට අනුව රජය කටයුතු කරන බවට ජාත්‍යන්තරයට පෙන්වීමටයි. යුද සමයේ හිටපු ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පෙන්වීමටය. මා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කළේ ඒ අනුවයි.

තරුණයන් එකළොස්දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ​පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මගෙන් පළිගැනීමේ චේතනාවෙන් මා ඇතුළු නිලධාරීන්ට නඩු පැවැරීමට කටයුතු කළා යැයි කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් වසන්ත කරන්නාගොඩ වැඩිදුරටත් පැවැසීය.

එසේම තමන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි ලබා දුන් ට්‍රැවිස් සින්නයියා වහාම නාවික හමුදාපති ධුරයටත් ශමාල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ධුරයටත් පත් කිරීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙහිදී ඔහු ප්‍රකාශ කළේ ඉකුත් යහපාලන රජය සමයේ පක්ෂ නායකයන් හමුවන කමිටුවක් තිබූ බවයි. එම කමිටුවේදී තමා නඩුවලට පැටලවීමට දේශපාලනික බලපෑම් සිදුව ඇති බවටත් කීවේය.

2015-2019 වර්ෂයේ සිදුවී ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිසම ඊ​යේ (18) සාක්ෂි විමසීම් ආරම්භ කළේ පළමුවරටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස