වයෝවෘධ සම්බන්ධන්ට සියලු වරප්‍රසාද දිගටම! ජනපති අගමැති නියෝග කරයි!

January 23, 2020 at 11:20 am | by emanisa.lk

හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන්ට ලබා දී තිබෙන වරප්‍රසාද වල කිසිඳු අඩුවක් නොකරන බව  සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී (22) පැවසීය.

ඒ අනුව ඔහුට පසුගිය රජය ලබාදුන් නිවස ආපසු ගැනීමට කටයුතු නොකරන බවද කී සභානායකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුගේ උපදෙස් අනුව තවදුරටත් සියලු වරප්‍රසාද ඒ මහතාට ලබාදෙන බවද කීය.

සභාපතිවරයා ඒ බව පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2015 විපක්ෂ නායක ධුරයට පත් ආර්. සහ්බන්ධට විපක්ෂ නායක නිල නිවස ලැබී ඇත්තේ 2017 වසරේය. එතෙක් වසර 20ක් ඔහු වාසය කර ඇත්තේ මාදිවල මන්ත්‍රී නිවාසවලය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත්වූ පසු අදාළ නිල රථය විපක්ෂ නායක කාර්යාලයට භාර දුන්නද නිල නිවස භාර දී නොතිබිණි.

ආර්. සම්බන්ධන්ගේ වයස අවුරුදු 80ක් වන අතර අදාළ නිග නිවස සහ ආරක්ෂාව තව දුරටත් ලබා දීම සිදුවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස