කොළඹ ඇමරකානු එම්බසිය කඩිමුඩියේ භූගත බංකර් හදයි! තවත් ත්‍රස්ත ප්‍රහාරයකට සූදානමක්ද?

July 3, 2019 at 1:06 pm | by emanisa.lk

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වටා අඩි හතළිහක් පමණ උස ආවරණයක් සවි කර ඒ ඇතුළත විශාල ඉදිකිරීම් ප්‍රමාණයක් කඩිමුඩියේ සිදුකරන බව වාර්තා වෙයි.

ඒ සඳහා යාබද පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාල භූමියෙන් ද කොටසක් මිලයට ගෙන ඇති අතර පොළොව යට භූගත මැදිරි ද ඉදිකරන බවට තොරතුරු ලැබී ඇතැයි රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

මෙවැනි කටයුතු පිටරැටියන්ට කළ හැකි වී ඇත්තේ රටේ පාලකයන්ගේ නිවටභාවය නිසා බවත් ඔවුන් එවැනි ඉදිකිරීමක් සිදුකරන්නේ ඇයි ද යන්න සොයා බැලිය යුුතු බවත් ඔහු පවසයි.

ඇතැම් විට අනාගතයේ අපේ රට ඉලක්ක කරගෙන විශාල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තු වනු ඇතැයි ද හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස