රිෂාඩ් පාස්කු ප්‍රහාරයකයන්ට උදව් කළා! ත්‍රස්තවාදීන් ගමන් බිමන් ගියේ සතොසෙ වාහනවල! මම ඔප්පු කරන්න සූදානම්! – විමල්ගෙන් රිෂාඩ්ට අභියෝගයක්…(video)

June 6, 2019 at 12:13 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධ බව සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට තමා සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

කඩුවෙල පැවති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.

“මංගල සමරවීර කියනවා ISIS තර්ජනයට ලක්වෙලා ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වුණු ලෝකෙ එකම රටලු ලංකාව. ISIS මෙහේ ආවේ නැහැ. මෙහේ ඊබ්‍රාහිම්ගෙ පුත්තු ISIS හොයාගෙන ගියේ. ISIS නම් දැම්මේ අමෙරිකානු හමුදා ගෙන්වාගන්න. අමෙරිකානු හමුදාවට එන්න සහරාන් ඕනේ. එනිසා තමයි සහරාන්ලට හැදෙන්න නිදහස දුන්නේ. රිෂාඩ්ලව රකින්නේ ඒ නිසයි.”

“රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ කියනවා නම් තව ටික දවසකින් මම සාක්ෂි සහිතව මම ඔප්පු කරලා පෙන්වනවා. රිෂාඩ් තවමත් ඇමති තමයි. අපිට බොරු ෂෝ එකක් දැම්මා අයින්වෙනවා කියලා. දැන් ලේකම් ගෙරදට ගෙන්න ගෙන නියෝග දෙනවා.”

“රිෂාඩ්ගෙන් මම අහනවා සහරාන්ලගේ වැඩවලට සතොස වාහන පාචිච්චි වුණේ නැද්ද? සතොස වාහනවල සහරාන්ලා ගියේ නැද්ද? ප්‍රහාරයට පෙර දිනයේ සතොසට අයිති වාහනවල ගියේ නැද්ද? සයින්දමරදු මරාගෙන මැරුණු නිවසට ගියේ නැද්ද? අපි රිෂාඩ්ට අභියෝග කරනවා පුළුවන් නම් නැහැ කියන්න කියලා. අද නැහැ කිව්වොත් මම හෙට ඔප්පු කරනවා. එහෙම ඔප්පු කළොත් මම පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා කියලා රිෂාඩ් පුළුවන් නම් කියන්න.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස