බදියුදීන් ඇමතිතුමා රටට කරන සේවය අහිමි කරන්න පිරිසක් කටයුතු කරනවා! එතුමා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධයි කියලා මම නම් හිතන්නේ නෑ! – මරදමඩුවේ ඥානජෝති හිමි (video)

May 24, 2019 at 4:16 pm | by admin

උතුරු පළාතට වන්නි දිස්ත්‍රික්කයට සිටින එකම ඇමතිවරයා රිෂාඩ් බදියුදීන් මැතිතුමා බවත් එතුමා සිංහල දෙමළ මුස්ලිම් ගම්මාන සහ පූජනීය ස්ථානවලට විශාල වැඩ කොටසක් කරන බවත් වව්නියාව නාමල්ගම විහාරාධිති මරදමඩුවේ ඥානජෝති හිමි පවසයි.

රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා රටට කරන සේවය නැති කිරීමට දකුණේ සිටින එක්තරා පිරිසක් එතුමාට හිංසා පීඩා කරන බවට උන් වහන්සේ චෝදනා කරයි. පූජනීය ස්ථානවලට පහර දීමට එතුමා සම්බන්ධ යැයි තමා නොසිතන බව කී උන් වහන්සේ එසේ සම්බන්ධ වී ඇත්නම් ඒවාට දඬුවම් ලැබිය යුතු බවත් එහිමියන් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස