මොන කුමන්ත්‍රණයකින් හරි රනිල් නැවත බලයට ආවොත් සිරිසේන පවුලටම අඩි හතරක් පොළොව යටට යන්න වෙනවා! – රොෂාන් රණසිංහ (video)

June 14, 2019 at 10:29 am | by emanisa.lk

මේ වන විට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ දැඩි වෛරයකින් පසුවන බවත් කිසියම් කුමන්ත්‍රණයක් මාර්ගයෙන් අගමැති රනිල් නැවත බලයට පත්වුවහොත් ජනපති පවුලම නැති කර මිස පස්ස නොබලනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

එහෙයින් රට පාලනය කරගත නොහැකි නම් ජනාධිපතිවරයා කළ යුත්තේ ජනාධිපතිවරණයක් කැඳවීමට කටයුතු කිරීම බවත් රටට ආදරය කරන ඍජු නායකයකු වන ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට ජනතාව පුල පුලා බලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස