මහින්දට විපක්ෂ නායක ධුරය නොව මන්ත්‍රී ධුරය දැරීමටවත් අයිතියක් නෑ! – මුජිබර් රහුමාන්

August 15, 2019 at 8:56 am | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ පසුගිය ඉරිදා දිනයේදී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගත බැවින් ඔහුට තවදුරටත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කිරීමේ සදාචාරාත්මක සහ නීතිමය අයිතියක් ඇත්ද යන්න කථානායකවරයාගෙන් විමසා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

එසේම මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය හැකිද යන්න පිළිබඳවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ මහලේකම් මහින්ද අමරවීර විසින් පැහැදිලි කළ යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකත්වයට පත්වීම ගැන අදහස් දක්වමින් රහුමාන් පැවසුවේ ඔය සියලුම රාජපක්ෂලා එකට, රාජ්‍ය බලයත් අතැතිව සිටියදීම 2015 වසරේදී පරාජය කරන්නට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේගයට හැකිවූ බැවින් ගෝඨා කිසිසේත්ම තමන්ට අභියෝගයක් නොවන බවයි.

මුජිබර් රහුමාන් මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස