මදූෂ් ලබන සතියේ ලංකාවට එනවා! – නීතිපති අධිකරණයට දැනුම් දෙයි!

April 9, 2019 at 6:32 pm | by admin

ඩුබායි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් මේ සතියේ ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක වෙත දැනුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් පෙනි සිටීමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මදූෂ් සමග අත්අඩංගුවට ගත් අය අතරින් 15 දෙනෙකු මේ වන විට ලංකාවට පිටුවහල් කර අවසන්ය. කෙසේ වුවද මාකඳුරේ මදූෂ් තමා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා එරට අධිකරණයට අභියාචනයක් ගොනුකර තිබේ.  මදූෂ් දින කිහිපයකින් ලංකාවට පිටුවහල් කරන බව වාර්තා වීමත් සමග ඔහු සමග සබඳතා පැවැත් වූ බලවතුන් කිහිප දෙනෙකු කලබලයට පත්ව ඇතැයි වාර්තා  වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස