පාස්කු ප්‍රහාරයෙන් පසු පුරවැසි බලයත් දෙකට කැඩෙයි!

May 18, 2019 at 12:23 pm | by admin

2015 යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ පුරවැසි බලය අභ්‍යන්තර ගැටුමක් නිසා දෙකඩ වී ඇතැයි වාර්තා වෙයි.

පුරවැසි බලය නියෝජනය කළ දඹර අමිල හිමි සහ සමන් රත්නප්‍රිය පුරවැසි බලයෙන් ඉවත් වී සිවිල් සංවිධාන එකමුතුව යනුවෙන් පෙනී සිටීමට සූදානම් වෙයි.

ගාමිණි වියංගොඩ, සරත් විජේසූරිය සහ කේ. ජනරංජන ඉදිරියටත් පුරවැසි බලයේ සිටිනු ඇත. මේ අතර එම පිරිස කෝට්ට ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක උඩුමහලක සිය අලුත් කාර්යාලය ආරම්භ කර තිබේ.

පුරවැසි බලයේ ප්‍රධානියකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් 2016 වසරේ ඉන් ඉවත් වූයේ මාලඹේ සයිටම් විශ්වවිද්‍යාලයට එම සංවිධානය පක්ෂ වීම නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස